කොළඹ හත බාල වයස්කාර පෙම්වතුන්ගේ සාදයකට මත් කුඩු අලෙවි කළ පිරිසක් අත්අඩංගුවට

පසුගිය වැලන්ටයින් දින කොළඹ 7, මේට්ලන්ඞ් ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සංවිධානය කර තිබූ වැලන්ටයින් සාදයකදී කොකේන් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වී තිබේ.
මෙම ස්ථානය දින කීපයක් තිස්සේ සුරාබදු නිලධාරීන් විසින් නිරීක්ෂණය කිරීමේදී බාලවයස් පෙම්වතුන් සඳහා නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවිකරමින් සිටි මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට හෙළිවී ඇත.
එය තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී අවුරුදු 17 ටත් 25 ත් අතර වයස්වල පසුවන පෙම්වතුන් යුවළ 100, 150 ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් විනෝද වන ආකාරය දැක තිබේ. කිසියම් පිරිසක් එලෙස විනෝද වන පිරිසට මත්ද්‍රව්‍ය රැගෙන විත් බෙදාහරින ආකාරයද මෙම නිලධාරීන්ට දැක ගන්නට ලැබී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීන් ඒ ස්ථානයට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී කොකේන් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටි කාන්තාව ඇතුළු සැකකරුවන් කොටුකරගෙන ඇත.