BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSVIRAL NEWS

“අපේ වැඩ වලට ඇගිලි ගහලා ඔලු කුඩු කරගන්න එපා” – චීන ජනපති

පසුගියදා චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වැනි සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී තම රටේ කටයුතුවලට මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ “ඔළු කුඩුවිය” හැකි බව ජනාධිපති ෂී ජින්පින්ග් පැවසුවා.

ඔහු වැඩි දුරටත්  විදෙස් බලවතුන්ට අනතුරු අඟවමින් ප්‍රකාශ කලේ අනවශ්‍ය දේශනා වලට සවන්දීමට තම රට සූදානම් නැති බවය. විදෙස් මාධ්‍ය විසින් එය අමෙරිකාව ඉලක්ක කර පැවසු කරුණක් ලෙස හුවා දක්වා තිබෙනවා.

පසුගිය දිනවලදී චීනය විසින් හොං කොං වාසීන්ගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කටයුතු කරන බවට අමෙරිකාව ඇතුළු බටහිර රටවල් දිගින් දිගටම දැඩි ලෙස චෝදනා කරනු ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button