BREAKING NEWSEXCLUSIVE

“උණ රෝගය නොසළකා හරින්න එපා”- රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

ඩෙංගු යලිත් හිස ඔසවමින් ඇත.එමෙන්ම Covid-19 සහ තවත් වෛරස් රෝගයක් සමාජයේ මේ දිනවල පැතිර යමින් පවතිනවා.එබැවින් උණ රෝගය නොසළකා නොහැර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම හේතුවෙන් මතුවන සංකූලතා සහ ඩෙංගු රෝගයේදී මතුවන සංකූලතා සමාන බැවින් එම තත්ත්ව දෙක වරදවා වටහාගනීමක් සමාජය තුළ මතුව තිබෙනවා.

එබැවින් තද උණක්, හිස කැ ක්කුමක් හෝ මාංශ පේශී වේදනාවක් ඇතිවේ නම් එය බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු ඇති වන සංකූලතා හෝ කොවිඩ් යැයි සිතා නිවසට වී නොසිට සුදුසුකම් ලද වෛද්‍යවරයෙකු හමුවී සැක හැර දැන ගැනීමට කටයුතු කිරීම වැදගත් වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button