BREAKING NEWSEXCLUSIVE

කාබනික පොහොර බෙදාදීම ඇරඹෙයි

මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදාදීම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල ගොවීන් පවසන්නේ තමන්ට අවශ්‍ය පොහොර මෙතෙක් නොලැබුණු බවටයි.

මේ අතර ගිරිතලේ ව්‍යාපාරය යටතේ වගා කරන ගොවීන්ට මෙවර මහ කන්නය සඳහා ගිරිතලේ ජලාශයෙන් ජලය නිකුත් නොකරන ලෙස ගොවීන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත් දෙසැම්බර් 24 වැනිදා ජලය නිකුත් කරන ලෙසට ගොවීන් යෝජනා කළ අතර, පොළොන්නරුව දිසාපතිවරයා ඊට එකඟනොවීමෙ හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

පරාක්‍රම සමුද්‍රයෙන් ද මෙවර මහ කන්නයට අවශ්‍ය ජලය නිකුත් කිරීම අද ආරම්භ කෙරුණා.

එසේම කවුඩුලු‍ ජලාශයෙන් ද මහ කන්නයට අවශ්‍ය ජලය නිකුත් කිරීම සිදු වුණේ ගොවි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button