BREAKING NEWSEXCLUSIVE

මහ කන්නයට කාබනික පොහොර බෙදා හැරීම අද සිට

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල අද ආරම්භ වනවා.

අම්පාර දිස්ත්‍රික්කයෙන් එම වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඊට සමගාමීව සෙසු දිස්ත්‍රික්කවලද පොහොර බෙදාහැරීමට නියමිතයි.

කාබනික පොහොර බෙදාහැරීමේ දී අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට හා පුත්තලම යන වී වගාව බහුලව සිදුකරන දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ අතර කාබනික පොහොර බෙදාහැරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් අද දිනයේදී කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මහජනතාවට දැනුම්දෙනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button