BREAKING NEWS

ඉවතලන මුඛ ආවරණ සෞඛ්‍යාරක්ෂිතව බැහැර කරන්න – රජය ජනතාවගෙන් ඉල්ලයි

රට තුළ කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් සිරුරෙහි ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඉහළ මට්ටමක පවත්වා ගැනීම වැදගත් බව ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමය පවසනවා.

සිරුර ආක්‍රමණය කරනු ලබන රෝග කාරක පාලනය හෝ මර්දනය සඳහා ප්‍රතිශක්තිය වැදගත් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටයි එම සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

ඒ අනුව, සෑමවිටම හැකි අයුරින් නිවසේදී පිලියෙල කර ගත් ආහාර වේලක් සූදානම් කර ගත යුතු අතර, මාංශ ආහාරයට ගන්නේ නම් ඒවා හොඳින් තම්බා පිළියෙල කර ගත යුතු බවටයි ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්දිමා මදූ වික්‍රමතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, ස්වයං නිරෝධානයනට ලක් කර ඇති නිවෙස්වලින් මුඛ ආවරණ වැනි අපද්‍රව්‍ය අනාරක්ෂිතව බැහැර කිරීම නොකළ යුතු බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය දැනුම් දෙනවා.

එවැනි නිවෙස්වලින් බැහැර කරන කසල පළාත් පාලන ආයතනවල කසල ලොරි වෙත ලබා දීමෙන් පවතින අවදානම් තත්ත්වය හමුවේ වෛරසය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button