ARTICLESBREAKING NEWSPOLITICSSOCIAL MEDIA PICKS
විජයදාසගේ විනය පිළිබඳව ගැටළුවක් .. ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සමබන්ධයෙන් පක්ෂය විසින් විනය පරීක්ෂණ සිදුකරනු ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
විජයදාස රාජපක්ෂ මහතා විටින් විට පක්ෂ මාරු කරමින් කටයුතු කරන අයෙක් බවත් පොදුජන පෙරමුණේ ක්‍රමවේදය මත ඔහු පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ජනමාද්‍ය අමාත්‍යාංශය, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය මගින් පැවැත් වු විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.