ජනපති ගෝඨාගෙන් අණක් – මෙවර නිදහස් සැමරුමෙන් ආබාධිත සෙබලුන්ගේ පෙළපාලිය ඉවත් කෙරේ

මෙවර නිදහස් දින සැමරුම් උළෙල ඉතා චාම් අයුරින් සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද උපදෙස් මතයි. ඒ අනුව මින් පෙර නිදහස් දින සැමරුම්වලදි සිදු කෙරුණු අංග කිහිපයක් මෙවර ඉවත් කිරීමට තීරණය කර තිබේ.
මීට පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවල උත්තමාචාර පෙළපාලිය පැය 3කට අධික කාලයක් පැවැත්වුණා. මෙවර එය පැය දෙකක් හෝ ඊට අඩු කාලයකට සීමා කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා සැමරුම් උත්සවයට කැඳවාගෙන ඒමේදි පෙර ගමන් රථ සමග අශ්වාරෝහකයින් පැමිණීම සාමාන්‍යයෙන් සිදුවුනා. එහෙත් මෙවර අශ්වාරෝහකයින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
පැරෂුට් ආධාරයෙන් සිදු කෙරෙන ගුවන් පිනුම්ද මෙවර සිදු නොකෙරෙනු ඇති. නිදහස් දින සැමරුම් පෙළපාලියට එක් කෙරෙන යුද වාහන ප්‍රමාණය සීමා කිරීමටත් තීරණය වී තිබේ.
යුද හමුදාවට අයත් රේඩාර් පද්ධතිය ඇතුළු විශාල ප්‍රමාණයේ යුද වාහන මින් පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවලට යොදා ගැණුනා.
එහෙත් මෙවර සැමරුම් පෙළපාලියට එවැනි යුද වාහන යොදා නොගන්නා බවට වාර්තා වේ.
ආබාධිත සෙබළුන්ද මීට පෙර පැවති සැමරුම් පෙළපාලිවල ගමන් කළද මෙවර එම සෙබළුන් පෙළපාලියට එක් කර නොගැනීමට තීරණය කර තිබෙනවා. ඒ ආබාධිත සෙබළුන්ට සිදුවන ශාරිරීක අපහසුතා වලින් ඔවුන් මුදවීමටයි.