ආණ්ඩුවේ ගැටුම් ඇරඹේ – ඇමති විමලවීර දිසානායකගේ මැරයන්ගෙන් ඇමති දිනේෂ්ගේ රැස්වීමට ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ පාර්ශව දෙකක ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ. මෙම ගැටුම ඇති වී තිබෙන්නේ අම්පාර මහඔය ප්‍රදේශයේ දී ය.
කැබිනට් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සංවිධායකයෙකු විසින් සංවිධානය කරන ලද ජන හමුවකට විමලවිර දිසානායක රාජ්‍ය ඇමතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණ බාධා කිරීමත් සමග මෙම ගැටුම්කාරී තත්වය ඇතිවී තිබේ.
මහජන එක්සත් පෙරමුණේ සංවිධායකයන් විසින් චෝදනා කරන්නේ විමලවිර දිසානායක ඇමතිවරයාගේ ආධාරකරුවන් විසින් ගිනි අවිද රැගෙන තමන් විසින් ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවයි.
විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අම්පාරේ මැර දේශපාලනය නිරත වන බවට මින්පෙරද චෝදනා එල්ල වූ අතර ඔහු විසින් අම්පාරේ දේශපාලනයේ නිරත වූ රියර් අද්මිරාල් සරත් වීරසේකරටද දැඩි ලෙස බාධා සිදු කළ බවට පසුගිය සමය පුරා පුවත් වාර්තා වේ.