පසුගිය රජයේ ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වේ – ජිනීවාහීදි දිනේෂ් සිදුකළ ඓතිහාසික කතාව!

පසුගිය රජය විසින් සම අනුග්‍රහය දැක්වූ, රණවිරුවන්ට හා ශ්‍රී ලංකාවට අවාසිදායක ජිනීවා යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉවත් වූවා. මෙම යෝජනාවලිය සැකසීමට දෙමළ ඩයස්පෝරාවද සක්‍රීයව මැදිහත් විය.
මේ බව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සමුලුවට විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබූවා.
එහිදී ශ්‍රී ලංකාව තුළ දේශීය යාන්ත්‍රණයක් හරහා සංහිඳියාව ඇති කිරීමට රජයට වැඩපිළිවෙලක් පවතින බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සැසිවාරය අමතමින් ප්‍රකාශ කර සිටියා.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ 2015 වර්ෂයේ දී ශ්‍රී ලංකාව සමඅනුග්රහය දැක්වූ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බවයි.
විනාඩි 20 කට වැඩි කාලයක් කවුන්සිලය ඇමතු ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම සම අනුග්‍රහය දැක්වීම රටේ ව්‍යවස්ථාවට පටහැනි බවයි.
මෙරට සංහිඳියාවේ වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වන ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයෙන් අනතුරුව රජය සිදුකරන වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කවුන්සිලය හමුවේ හෙළිකර තිබේ.
මීට අමතරව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් අද (27) සිදුකරන ශ්‍රීලංකාව පිළිබඳ වාචික කරුණු ඉදිරිපත් කිරීම්වලට විදේශ අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වනු ඇත.