BREAKING NEWSEXCLUSIVE
විදෙස් ඇමති දිනේෂ්ගෙන් ස්විට්සර්ලන්ත තානාපතිට තද පිළිතුරක්.!

ආන්දෝලනාත්මක ලෙසින් පැහැරගැනීමට ලක්වූවා යැයි චෝදනා කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නිරත ශ්‍රී ලාංකික කාන්තාව නිසි පරිදි ප්‍රකාශයක් ලබා නොදී, අනන්‍යතාව හෙළි නොකර ශ්‍රී ලංකාවෙන් පිටවීමට අවසර දිය නොහැකි බව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට ස්විට්සරලන්ත තානාපතිවරයාට දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකාවේ නීතියට අනුව ඒ ආකාරයෙන් කිසිවකුට කටයුතු කල නොහැකි බවද ඇමැතිවරයා දැනුම් දී ඇත. අදාළ කාන්තාව විශේෂ ගුවන් ගුවන් යානාවකින් ස්විට්සර්ලන්තය බලා ගෙන යාමට කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත.
ඇමතිවරයාගේ මෙම දැනුම් දීම හේතුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අදාල කාන්තාව මෙරටින් පිට කරගැනීමට නොහැකිව සිටින බවද වාර්තා වේ.
දැනටමත් එරට රජය විසින් කොළඹ තානාපතිවරයාගෙන් සිදුවීම් සම්බන්ධයෙන් කරුණු විමසා ඇතැයි ද වාර්තා වේ.