ටීම් එකට ප්ලෙයර්ස්ලා එක්කෙනෙක් දෙන්නෙක් පොලිටික්ස් එක්ක එන්නෙ, ඒවා වෙනස් කරන්න බෑ – දිමුත් රසිකයෙක්ට කෙලින්ම කියයි

පහත දැක්වෙන කෙටි සංවාදය ක්‍රීඩා ලෝලියෙකු විසින් කර ඇත්තේ නිමා වූ පකිස්ථාන සංචාරයට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමඟය.. එහිදි ඇතැම් ක්‍රීඩකයන්ට දිගින් දිගටම වන අසාධාරණය සහ කණ්ඩායමේ ක්‍රීඩයකන් තෝරා ගැනීම සම්බන්ධයෙන් දිමුත් දක්වා ඇති අදහස් පහත දැක්වේ..
මෙවන් පසුබිමක සිම්බාබ්වේ තරඟ සංචාරයට නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතය අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා..
ලෝකයේ විශේෂඥ ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැනි දුර්වලම පිතිකරණ සාමාන්‍යයක් හිමි, එහෙත් දිගින් දිගටම කණ්ඩායමේ ස්ථානය හිමි ක්රීඩයෙක්ද මෙම 15 දෙනාට ඇතුළත් වීම විශේෂත්වයක්.
” ප්ලෙයර්ස්ලා එක්කෙනෙක් දෙන්නෙක් පොලිටික්ස් එක්ක එන්නෙ. ඒවා මොනවා වුනත් වෙනස් කරන්න බැරි දේවල්.ඒවා ගැන ඔයා කතා කරලා වැඩකුත් නෑ. මං කතා කරලා වැඩක් වෙන්නෙත් නෑ. ”
මේ අයුරින් දිනෙන් දින දියාරු කර දමන්නෙ දිගින් දිගටම ලකුණු අතර සිටිමින් තමන් තවමත් ජාතික වරම් දිනා ගැනීමට යෝග්‍ය නැති දැයි විමසන පැතුම් නිස්සංක වැනි තරුණ ක්‍රීඩකයන්ගෙ ධෛර්යයයි. විවිධ ක්‍රීඩකයන්ට විවිධ ආකාරයේ තර්ක සමඟින් විවිධ හැදි වලින් බෙදීම ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඇති අභ්‍යන්තර දේශපාලනය ගැන තක්සේරුවක් දෙයි.
කෙසේ නමුත් ටෙස්ට් තරඟ 35කදි පිතිකරණ සාමාන්‍ය 22 පවත්වා ගෙන යන විශේෂඥ පිතිකරුවෙක් අප සතුව සිටීම සම්බන්ධයෙන් සහ ඔහුට දිගින් දිගටම කණ්ඩායමේ ස්ථානයක් හිමි වී තිබීමට තරම් අපේ ක්‍රිකට් තුළ දේශපාලනය අන්තර්ගතව තිබීම ගැන අපි ආඩම්බර වෙමු. (ආඩම්බර වීමට හේතුවක් නැති නිසා)
අනව තප්ත විල