
නේපාලයේ කත්මන්ඩු නුවර පැවති සාග් කි‍්‍රඩා උළෙලේදී මලල කී‍්‍රඩා ඉසව්වලින් රන් පදක්කම් ති‍්‍රත්වයක් දිනූ ඩිල්ෂි කුමාරසිංහගේ දක්ෂතා පිළිබද බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.
මීටර් 400 හතර කාන්තා සහාය දිවීමේ ඉසව්ව සදහා පමණක් නම් කර සිටි ඇය දකුණු ආසියානු කි‍්‍රඩා උළෙලේදී මීටර් 800 සහ මීටර් 400 කාන්තා ධාවන ඉසව් සදහාද තරග වදිනවා.
ඇයට එම අවස්ථාව හිමිවන්නේ කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු රෝගාතුර වීම හේතුවෙන්. ඩෙංගු රෝගයට ගොදුරු වූ නදීෂා රාමනායක සහ හදිසි රිය අනතුරට ලක්ව රෝහල් ගත කළ නිමාලි ලියනාරච්චි වෙනුවට ඩිල්ෂි කුමාරසිංහ එම ඉසව් සදහා තරග වැදුනා.
ඉන් උපරිම ඵල නෙලා ගන්නා ඩිල්ෂි කුමාරසිංහ ලක්මව රනින් සරන්නේ සියල්ලන් මවිතර කරමින්.
ඩෙංගු රෝගයට ගොදුරුව දින කිහිපයක් නේපාලයේ කත්මණ්ඩු නුවර නේවාසික ප්‍රතිකාර ලැබූ නදීෂා රාමනායක ඉන් නික්ම නවාතැගෙන සිටින හෝටලය වෙත පැමිණෙන විට ඩිල්ෂි කුමාරසිංහ ඇය වෙනුවෙන් කළ පරිත්‍යාගයක් පිළිබදවද කාගේත් පැසසුමට ලක්ව තිබෙනවා.