ධීවරයන්ගෙන් තෙල් ඉල්ලන් රවුම් ගහන සජබ මන්ත්‍රී..

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා තංගල්ලේ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොතිබූ බව පවසමින් තංගල්ල ධීවර වරායට පැමිණ එහි ධීවරයින්ගෙන් තම නිල රථයට ඩීසල් ලබාගෙන තිබුණා.
ඒ ඊයේ දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවශ්‍ය බව පවසමිනි..
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා,,
“මට පාර්ලිමේන්තු යන්න ඕනේ.යන්න විදිහක් නෑ.
පාර්ලිමේන්තු යන්න ඕන නිසා මම ධීවරය වරායට ඇවිත්.යාත්‍රාවකින් තෙල් ඉල්ල ගත්තේ..”
නමුත් ඒ පිළිබඳ කළ සොයා බැලීමක දී තහවුරු වූයේ මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීමේ ලේඛනයේ ද ඔහුගේ නම සඳහන් වී නොමැති බවත් වාර්තා වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා,,
“දිලිප් වෙදආරච්චි මන්ත්‍රීතුමා ධීවර වරායකට ගිහිල්ලා ධීවරයන්ගෙන් ඩීසල් ඉල්ලගෙන පාර්ලිමේන්තු යන්න විදිහක් නෑ කියලා..
එතුමා දවසට ම පාර්ලිමේන්තුවට
ඇවිත් නෑ..
එතුමා හම්බන්තොට ධීවරයින්ගෙන් තෙල්
ගහගෙන රට වටේ ම ඇවිදිනවා..”