BREAKING NEWSINTERNATIONAL NEWS

අමෙරිකාව,කොරියාව, ජපානය ඇතුළු රටවල් 8කට “කොරෝනා” පැතිරෙයි – අසාදනය වුවන් මහ මග මැරී වැටෙන හැටි මෙන්න

කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා තිබෙනවා.

මෙම නගරවල මිලියන විස්සක පමණ ජනගහනයක් සිටින අතර, මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ආසාදිත පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන්.

එමෙන්ම, තායිලන්තය, අමෙරිකාව, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන් ද කොරෝනාවෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන තිබෙනවා.

එක්සත් රාජධානියේ ද මෙම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයන් 14 දෙනෙකු රෝහල්ගත කර පරීක්ෂණ සිදු කෙරෙනවා.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button