BREAKING NEWSEXCLUSIVE

ලංකාවෙ අලි ගැන ඩිකැප්රියෝගෙත් අවධානය

ශ්‍රී ලංකාවේ වනඅලි මුහුණ දී ඇති අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මධ්‍යයේ පළවූ වාර්තාවක් ට්විටර් පණිවුඩයක් ලෙස පළ කිරීමට ලොව ජනාදරයට පත්වූ සුපිරි හොලිවුඩ් නළු ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ විසින් කටයුතු කර තිබෙනවා.

එම ලිපියෙන් දැක්වෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ප්‍රදේශයේ වගුරු බිමක් පිරවීම සිදුකරන බවත් එම ස්ථානයට වනඅලි නිතර පැමිණෙන
බවත් එහි දී එම ස්ථානයේ ගොඩ ගැසී ඇති ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් වන අලි දෙදෙනෙක් පසුගිය සතියේ මිය ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

එම සටහනේ දැක්වෙන්නේ පල්ලක්කාඩු ප්‍රදේශයේ බැහැර කළ කසළ ආහාරයට ගැනීම හේතුවෙන් පසුගිය වසර 08 තුළ වනඅලියන් 20 ක් පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බවත් පරිසරවේදින් සහ පශු වෛද්‍යවරුන් පවසන්නේ මියගොස් සිටි සතුන්ගේ සිරුරු තුළ නොදිරන ප්ලාස්ටික් විශාල වශයෙන් හමුවී ඇති බවය.

එසේම අසල පිහිටි අශ්රොෆ් නගර් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ කසළ ආහාරයට ගැනීමට පැමිණෙන සද්ධන්තයින් තම ගමට නිතර පැමිණෙන බවත් එම සතුන්ගෙන් ආරක්ෂාවීම සඳහා තමන් විසින්ම පෞද්ගලික විදුලි වැටවල් නිවාස වටා සවිකරගෙන ඇති බවත් ය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button