BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

ඩිව්ගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්..

රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදය ගැන කිසිවෙකුට අවබෝධයක් නැති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසනවා.

පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුව දිගින් දිගටම ගත් තීරණ රටට අහිතකර ලෙස බලපා ඇති බව කියා සිටින ඔහු ,

“මේ බලන්න පහුගිය දවස්වල ගත්තු මෝඩ තකතීරු තීරණ. සීනි, වී, සහල්, පොහොර, ඥානසාර හමුදුරුවන්ගේ ප්‍රශ්නය එක පිට එක. මං අහන්නේ පේන්නැද්ද මේක. නරකය කියලා තේරෙන්නේ නැද්ද? දැන් ආණ්ඩුව දුවන්නේ මුදල් අච්චු ගහලා. බිලියන 2,000ක් විතර ගහලා තියෙනවා දැන්. භාණ්ඩ මිල ඉහළ යන්න එක හේතුවක් ඒක. ඩොලරුත් නෑ.. රුපියලුත් නෑ. ඔය විරෝධතා තියන සියල්ල දන්නේ නෑ රට මුහුණ දී තිබෙන අර්බුදය ගැන. ජනතාව දන්නෙත් නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දන්නෙම නෑ.” යනුවෙන් වැඩි දුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button