ARTICLESBREAKING NEWSEXCLUSIVEPOLITICSSOCIAL MEDIA PICKS

යහපාලන සමයේ මහ කැළයක් කපද්දී දේවානි අනුබල දීලා

පැවැති යහපාලන රජය සමයේ ගම්පහ බෝතලේ දඹුගොල්ල හොරකැලේ වනාන්තරය විනාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි. අක්කර විසි තුනක් පුරා පැවති මෙම වනාන්තරය විනාශ කරද්දී ගම්පහ අඩවි වන නිලධාරී ලෙස කටයුතු කර ඇත්තේ දේවානී ජයතිලක මහත්මිය බවද ඇය පෙන්වා දෙයි.

එකල රජයේ අවශ්යතාවය මත ගස් කපන බවත් ඊට එරෙහි වන අයට දඬුවම් විඳීමට දෙන බවටත් පවසමින් ජනතාව බිය වද්දා මෙම ජාවාරම් කර ඇතැයිද මන්ත්රීනිය පැවසීය.

එකල වන විනාශය සිදු කරන ස්ථානයට අඩවි වන නිලධාරි දේවානී ජයතිලක අවස්ථා තුනක දී පැමිණ එය නොදැක්කා සේ කටයුතු කළ බවත් පරදේශවාසීන් ස්වාධීන රූපවාහිනී වෙත සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button