BREAKING NEWSEXCLUSIVE

දිරිය වන අඩවි නිළධාරිණි දේවානී ජයතිලක ඇතුලු පිරිසට ලක්ෂ පනහක ත්‍යාගයක්!

මේ වනවිට සමාජජාලා මාධ්‍යයන්ගේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙන්නේ දේවානී ජයතිලක මහත්මිය පිළිබඳවයි. ඇය ගම්පහ වන අඩවි නිළධා‍රිණිය ලෙස කටයුතු කරයි.

මීගමුව ප්‍රදේශයේ භූමියක ක්‍රීඩා පිටියක් ඉදි කිරීමට උත්සාහ කළ ප්‍රදේශවාසීන් පිරිසක් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අමාත්‍යවරයෙකුට එරෙහිව නැගී සිටිමින් ඇය කරුණු දැක්වූ වීඩියෝවක් සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වෙමින් තිබේ..

එලෙසට සමාජයේ කතාබහට ලක්වන ගම්පහ වන අඩවි නිළධාරිණිය සිය රාජකාරිය ඇරඹූ දින සිට ඉලක්කයට වැඩ කරනා නිළධාරිණියක් බව වාර්තා වේ. ඇයගේ ඉලක්කය වී ඇත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ විශාලතම කඩෝලාන භූමිය සහිත රට බවට පත්කිරීමය.

ඒ සඳහා පුද්ගලික ආයතන පවා එක්කරගනිමින් පසුගිය සමය පුරා ඇය වෙරළ සහ කළපු භූමි තුල කඩෝලාන සිටවමින් කටයුතු කරන බවද වාර්තා වේ.

ඒ සඳහා තවත් ඉතිරිව ඇත්තේ හෙක්ටයාර දහසක භූමි ප්‍රමාණයක කඩෝලාන වැවීම පමණි. එම ඉලක්කය සපුරා ගතහොත් UNEP සංවිධානය විසින් (එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන – United Nations Environment Programme) ඒ සඳහා කැපවන පරිසර නිළධාරීන්ට හා ස්වේච්ඡා සේවකයන්ට ත්‍යාග මුදලක්ද ලබා දීමට නියමිත බව වාර්තා වේ.

ඇමෙරිකානු ඩොලර් 30,000ක් වන එම ත්‍යාග මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ පනස් හතරක් පමණ වනවා. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමග එක්වෙමින් කඩෝලාන සිටවීමේ ක්‍රියාවලියේ සක්‍රීයව නිරතව සිටිනා දේවානි ජයතිලක මහත්මිය සහ කණ්ඩායම ඒ ත්‍යාග සදහා සුදුස්සන් අතරින් ඉහළින්ම සිටීම විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button