BREAKING NEWSEXCLUSIVE

“දේවානි ජයතිලකට අනුකම්පා කරන්න – ඇය මානසික රෝගයකින් පීඩා විඳිනවා” බුකිය කැළඹූ දේවානි ගැන අමුතු කතාවක්!

සමාජජාලා ඔස්සේ ආන්දෝලනාත්මක කතා ප්‍රකාශ කිරීම නිසා ජනප්‍රිය වූ දේවානි ජයතිලක අඩවි වන නිළධාරිනිය පිළිබඳ ආන්දෝලනාත්මක සටහනක් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ පළව තිබෙනවා.

ඒ මීගමුව ප්‍රදේශයේ කලපුවක රොන් මඩ සහ ප්ලාස්ටික් ඉවත් කිරීමේ ව්‍යාපෘතියට ඇය විරුද්ධ වීමත් සමඟයි.

එම සටහන පහතින්,

සාමාන්‍යයෙන් කුමන හෝ කරුණක් නිසා සමාජයෙන් කොන් වූ හෝ අපහාසයට ලක් වූ පුද්ගලයන් පසුව සමාජයෙන් පළිගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය ලක්ෂණයක්.. එවැනි චරිත අප සමාජයෙන් ඕනෑ තරම් ඔබට හමූ වී ඇති.

මුල්කාලීනව තමන් විඳි පීඩාවක් සිතේ තබාගෙන පසුව ඔවුන් සමාජයෙන්ම පළිගන්නවා.. එය මනෝ විද්‍යාවේ මූලික ඉගැන්වීමක්..

ඔබට අවශ්‍ය නම් ඉතා ආකර්ෂණීය සහ සුන්දර තරුණියන් සහ එලෙස නොවන තරුණියන්ගේ චරිත ස්වභාවයන් අධ්‍යයනය කරන්න.. මා හට ජීවිතයේ හමු වූ ආකර්ෂණීය සුන්දර ගැහැණු ළමුන් ඉතා ආදරණීය, ප්‍රියමනාප චරිත..
එසේ නොවන ගැහැණු ළමුන්ගේ චරිත ස්වභාවය හාත්පසින්ම වෙනස්..

පිරිමි අපරාදකරුවන් ගතහොත් ඔවුන්ගේ මුල් අවදිය ගොඩනැගෙන්නේ සමාජයෙන් සිදුවූ අසාධාරණකමක් හෝ කොන්වීමක් මත..

මෙය මිනිසුන් පෙනුම මගින් හෝ ස්වභාවයෙන් විනිශ්චය කිරීමක් නොව මනෝ විද්‍යාත්මක තත්ත්වය විග්‍රහ කිරීමක් පමණයි.

දේවානි ජයතිලක නම් අඩවි වන නිළධාරිණියගේ හැසිරීම දුටුවිටත් අපිට හැඟීයන්නේ එවන් පුද්ගල චරිතයක්. දේවානි ස්වභාවයෙන් ආකර්ෂණීය පෞරුෂයකට හිමිකම් කියන්නෑ. තරුණියන්ට සමාජ අවදානම හිමිවන ප්‍රධානතම සාධකය ඇයගේ රූප ස්වභාවය..

නමුත් දේවානි ජයතිලක ස්වභාවයෙන්ම කෙසඟ, ආකර්ෂණීය නැති, අවපැහැ ගැන්වුනු කාන්තාවක්.. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන්ගෙන් කිසිඳු අවදානයක් තරුණියක් ලෙස හිමිවන අයුරක් ඇයගේ පෙනෙන්නට නැහැ. මාගේ අනුමානය ඇය තරුණියක් ලෙස ඒ ගැටලුවෙන් පීඩා විඳින්නට ඇති.. සමාජයෙන් ඒ අවදානය නොලැබීමෙන් පීඩාවට පත් වන්නට ඇති.

එම මානසික පීඩාව සමාජ වෛරයක් බවට පත්වී අද සමස්ත සමාජයම පීඩාවට පත් කර ඇය මානසිකව සංතෘප්ත වනවා ඇති. මෙය අප ඇය සමග ද්වේශයෙන් විසඳා ගත යුතු ගැටලුවක් නොවේ. සැබැවින්ම සමාජයක් ලෙසට ඇය තේරුම් ගෙන, ඇයට අනුකම්පා කර විසඳාගත යුතු ගැටලුවක්.

අපට ඇය පීඩාවට ලක් කරන්නත් බැහැ.. අපට ඇය නිසාම ජනතාව පීඩාවට ලක් වන්න දෙන්නත් බැහැ. එම නිසාම අදාල බලධාරීන් හා නිළධාරීන් දේවානි සමග ගණුදෙනු කරන අයුරු මනෝ වෛද්‍යවරයෙකුගෙන් ඉගෙන, මේ ගැටලු විසඳාගත යුතුයි. ඇයට උදව් කළ යුතුයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button