GOSSIP NEWSVIRAL NEWS

“පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ” සිංහල මාධ්‍ය දරුවන්ට අසාධාරණයක්.!

2019 වසර සඳහා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ විභාග ප්‍රතිඵල නිකුත් කර තිබේ.

මෙම වසරේ අගෝස්තු මස 04 වැනිදා පැවැති ශිෂ්‍යත්වය විභාගය සඳහා අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව 339410ක්. විභාගයට දරුවන් 332179ක් පෙනී සිටියා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ www.doenets.lk නිල වෙබ් අඩවි හරහා ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

මේ අතර පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට අදාළ කඩයීම් ලකුණු ද මේ වන විට නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී රජයේ විභාග දෙපාර්තමේන්තුව විසින් සිංහල මාධ්‍ය දරුවන් අසාධාරණයක් සිදු කර තිබෙනා බව පෙනෙන්නට තිබේ. මන්ද දිවයිනේ සෑම දිස්ත්‍රීක්කයක් සදහාම දෙමළ භාෂාවේ අවම කඩයීම් ලකුණු ඉදිරිපත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

නමුත් සිංහල භාෂාවෙන් කඩයීම් ලකුණු ඉදිරිපත් කර ඇත්තේ දිස්ත්‍රීක්ක 21ක පමණයි. ඒ අනුව යාපනය, කිලිනොච්චි, මන්නාරම, මඩකලපුව යන දිස්ත්‍රික්ක වල මෙවර සිංහල මාධ්‍යයෙන් විභාගය පවත්වා නොමැති බව පෙනී යයි. එම දිස්ත්‍රික්ක හතරෙන් මන්නාරම හා මඩකලපුව දිස්‍ත්‍රීක්කයන්ගේ සිංහල ජනතාව සැලකිය යුතු පිරිසක් ජීවත් වීමද කැපී පෙනේ.

නමුත් දිවයිනේ මාතර, ගාල්ල, හම්බන්තොට වැනි සිංහල බහුතරයක් ජීවත් වන දිස්ත්‍රීක්ක වල පවා දෙමල මාධ්‍යයෙන් විභාගය පවත්වා සිංහල මාධ්‍යයෙන් විභාගය දිස්ත්‍රික්ක හතරක නොපැත්වීම දැඩි අසාධාරණයකි. මෙය රජයේ විභාගයක් බැවින් මෙය රජය දැනුවත්ව සිදු කළ බ‍රපතල වරදක් බව පෙනී යයි.

විශේෂයෙන්ම මන්නාරම, මඩකලපුව දිස්ත්‍රීක්කයන්ගේ සිංහල ජනතාව සුලුතරයක් ජීවත් වන අතර මෙරට රජයේ විභාග දෙපාර්තමේන්තුව පවා එම සිංහල දරුවන්ටත් දමිළ භාෂාවෙන් රජයේ විභාග පවත්වා තිබෙන බව පැහැදිලිය. එය පැහැදිලිවම මන්නාරම. මඩකලපුවේ ජීවත් වන සුලුතරයක් වූ සිංහල ජනතාවගේ මූලීක අයිතීන් කඩකිරීමක් බව අප හැගීමයි.

ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජන වර්ගයකටම අයිති රටක් නම් සෑම ජන වර්ගයකටම රජයෙන් එක සේ සැලකිය යුතුය. රාජ්‍ය මට්ටමින්ම මෙලෙසට එක් ජනවර්ගයකගේ අයිතිවාසිකම් කඩකිරීම කිසිසේත්ම නිවැරදි නොවන, වත්මන් රජය විසින්ම ප්‍රවර්ධනය කරමින් සිටිනා සහජීවන සංකල්පය කඩ වීම බව කණගාටුවට කරුණකි.

 

5 ශිෂ්‍යත්වය කඩයීම් ලකුණු
5 ශිෂ්‍යත්වය කඩයීම් ලකුණු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button