BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිතයන් දිස්ත්‍රික්ක හතරකින් හඳුනාගැනේ

ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව 18ක්.

කෙසේවෙතත් කොවිඩ් 19 වසංගත තත්වය සම්බන්ධයෙන් අනුක්‍රමික ජානමය සාම්පල මගින් සිදු කෙරෙන සමීක්ෂණ දත්ත වාර්තා පමණක් පදනම් කරගෙන තොරතුරු පළකරන නෙක්ස්ට් ස්ට්‍රේන් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ ඔවුන් සතුව ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 109 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

කෙසේවෙතත් මෙම අනුක්‍රමික ජානමය සාම්පල මගින් සිදු කෙරෙන දීර්ඝ පරීක්ෂණ වාර්තා පිළිබඳ සියලු තොරතුරු ඔවුන් සතුව නොමැති බවත් කෙසේවෙතත් ලැබී ඇති දත්ත හා තොරතුරු මත පදනම්ව ඔවුන් මෙම වාර්තා සකස් කරන බවත් සඳහන් කරනවා.

මෙම වෙබ් අඩවියට අනුව ආසියානු කලාපයේ බංග්ලාදේශයෙන් ආසාදිතයන් 121ක් මියන්මාරයෙන් ආසාදිතයින් 12ක් නේපාලයෙන් ආසාදිතයින් 31ක් පකිස්ථානයෙන් ආසාදිතයන් 62ක් වශයෙන් රෝගීන් වාර්තාවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම සංගණනයට ගැනෙන බොහෝ රටවල ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් මීට වැඩි සංඛ්‍යාවක් සිටිය හැකි බවත් අනුක්‍රමික ජානමය සාම්පල හරහා සිදුකෙරෙන පරීක්ෂණ වාර්තා පමණක් මෙම තොරතුරුවලට පදනම් කරගන්නා බැවින් ඉහත කී සංඛ්‍යා අඩු අගයක් ගන්නා බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙරට කොරෝනා වෛරස් ප්‍රභේද පැතිරයාම පිළිබඳ පරීක්ෂණ සිදුකරනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින්.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ 95% කට වැඩි ව්‍යාප්තියක් ඇති බි්‍රතාන්‍ය – කෙන්ට් කොරෝනා ප්‍රභේදයද පසුගිය අප්‍රේල් මාසයේදී අනාවරණ කරනු ලැබුවේද එම පර්යේෂණ කණ්ඩායමයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button