BREAKING NEWSEXCLUSIVE

කොළඹ සීමාවෙන් 75%කට වඩා ඩෙල්ටා

කොළඹ නගර සීමාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගෙන් 75%කට වඩා ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බව වාර්තා වනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පවසයි.

සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ ජූලි මාසයේ පළමු සතිය තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගණන 19.3% ක් ලෙස වාර්තා වූවත් මේ වනවිට එය 75% දක්වා ඉහළ ගොස් ඇති බවය.

මේ අතර අස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබානොගත් පුද්ගලයන්ට අද (06) දිනයේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගත හැකිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ බව දැනුම්දෙයි.

ඒ සඳහා සිය පළමු එන්නත ලබාගත් කාඩ්පත රැගෙන එන ලෙස ඉල්ලීමක් ද කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button