BREAKING NEWSEXCLUSIVE

මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් 95%ට වැඩි පිරිසකට ඩෙල්ටා

මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 95.8 කගේම ශරීරවල ඇත්තේ මාරාන්තික ඩෙල්ටා කොරොනා වයිරස ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

රටපුරා කොරෝනා ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල පිළිබඳව පැවැත්වූ ජාන විශ්ලේෂණ පරීක්ෂණයේ අලුත්ම වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (10) බාරදෙනු ලැබුවා.

ඒ අනූව මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් 95%කට වැඩි පිරිසකගේ ශරීරවල ඇත්තේ මාරාන්තික ඩෙල්ටා කොරොනා වයිරස ප්‍රභේදය බව පෙනී යන බව අනාවරණය වී තිබෙනවා.

මේ අතර මෙරටින් මේදක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව අද (10) වනවිට 359ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button