BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS
නීතිපතිවරයා ගොනු කල චෝදනා 855කින් හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් නිදොස් කොට නිදහස්..!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති යන දෙදෙනාම මේ වන විට කොළඹ මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඔවුන්ව නිදහස් කිරීමට ඒකමතිකව තීරණය කරන ලද මහාධිකරණ විනිසුරුවරුන් වන්නේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂාදීන් යන අයයි.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සිටින මෙම විනිසුරු වරුන් තිදෙනා විසින් මෙලෙස ඒකමතිකව නියෝග කරමින්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පාස්කු ප්‍රහාරයේ නඩුවෙන් සාක්ෂි විමසීමකින් තොරව එලෙස නිදහස් කරනු ලැබුවා.
පාස්කු නඩුවට අදාලව පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව වෙන් වෙන්ව සාපරාධී නොසැලකිලිමත්කම/ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා 855ක් ගොනු කර තිබුනා.