ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න. – පරිපාලන සේවා සංගමය..!

ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර වර්තමානයේ රට තුළ පවතින තත්වය කළමනාකරණය කිරීමට සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
ඔවුන් පවසන්නේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නිසි බලධාරියෙක් පක්තර නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත මේ වත්මන් තත්වය සාමාන්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් යටතේ පාලනය කිරීමට ඉතාම අපහසු බවයි.
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ජීවිත අවදානම නොතකා මැදිහත් වන රාජ්‍ය නිලධාරීන්ට වන පීඩා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත්නොවීමට විරෝධය දක්වන බවත් මාතර ප්‍රාදේශීය ලේකම්වරිය අපහසුතාවට පත්කළ මාතර මහ රෝහලේ සේවකයින් පිරිසට සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගේ රාජකාරියට බාධා කළ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් එම සංගමය සඳහන් කර සිටිනවා.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කියයි.