BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
සංචරණ සිමා ඉවත් කරන්නේද නැද්ද යන්න තිරණය හෙට

මේ වන විට පනවා ඇති සංචරණ සිමා සහ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන්නේද නැත්ද යන්න තිරණය හෙට ගැනිමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
රට යළි විවෘත කළද සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක වනු ඇති බවයි ඔහු කියාසිටියේ.
එමෙන්ම පනවා ඇති සංචරණ සීමාවලට දැඩිව අනුගත වී කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටිනවා.
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වන සඳුදා අලුයම 4ට ඉවත් කිරීමටයි නියමිතව ඇත්තේ.
කෙසේවෙතත් හෙට පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.