Uncategorized
21 වන ව්‍යවස්ථා සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන බව දැනුම් දෙයි

හෙට දිනයේ 21 වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වනවා.
අද දින පෙරවරුවේ ජනාධිපතිවරයා හා පොහොට්ටුවේ පමණක් වූ කැබිනට් ඇමැතිවරුන් අතර පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ අදාළ 21 වන සංශෝධනය නීතිපතිවරයා හරහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ගෙන ආ හැකි බවටයි.
එමෙන්ම එය අධ්‍යයනය කිරීම සදහා හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත යැවිය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කොට ඇති බව දැනගන්නට ඇත.