Uncategorized

ණය සහනය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ..

කොවිඩ්-19 තෙවැනි රැල්ල හේතුවෙන් ද දැඩි අපහසුතාවට පත්ව සිටින ණය ගනුදෙනුකරුවන්ට ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ණය ගනුදෙනුකරුවන්ට ලබා දී තිබූ සහන කාලය 2021 අගෝස්තු 31 දිනෙන් අවසන් වූ අතර එය 2021 වසරේ දෙසැම්බර් 31 දින දක්වා මාස 4කින් දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව චක්‍රලේඛයක් නිකුත් කරමින් සැප්තැම්බර් 01 දින 2021/08 දරන චක්‍රලේඛය මගින් වානිජ බැංකුවලින් ගනුදෙනුකරුවන් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් 2021/05 දරන චක්‍රලේඛයෙන් ලබා දී තිබූ සහන දෙසැම්බර් 31 දින දක්වා දීර්ඝ කරන ලෙස සියලුම බැංකු වෙත නියම කර තිබෙනවා.

මීට අමතරව ගනුදෙනුකරුවන්ට ලබා දිය යුතු වැඩිමනත් සහන ද ලබා දීමට බැංකු වෙත අවස්ථාව ලබා දී ඇති බව එම චක්‍රලේඛයෙන් මහබැංකුව පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button