BREAKING NEWSPOLITICS

ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ගැන විවාදය හෙට ඇරඹේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය හෙට (19) විවාදයට ගැනීමට නියමිතයි.

හෙට උදෑසන 10 ට පාර්ලිමේන්තුව ආරම්භ වන අතර, දිනය පුරා විවාදය පැවැත්වෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු මෙම විශ්වාසභංගයට අත්සන් තබා ඇති අතර ඊට අදාළ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වෙනවා.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් ද අද (18) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ආරම්භ වීමට නියමිතව තිබුණා.

ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ විශ්වාසභංගයේදී ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව අදහස් පළ කර ඇති මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම, මන්ත්‍රී කණ්ඩායම් හමුවේ ප්‍රධාන අරමුණක් බවයි.

එමෙන්ම, මෙහිදී නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ද නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර, දෙමළ ජාතික සන්ධානය ද හෙට දිනයේදී සිය තීරණය දැනුම් දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button