BREAKING NEWSEXCLUSIVEPOLITICS

දයාසිරි දෙවැනි වරටත් පාර්ලිමේන්තුවට සමුදී වයඹට ඉල්ලන්න සැරසෙයි.

වයඹ පළාත් සභාවේ  මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් බවත් ඉල්ලීම් ගණනාවක් දැනටමත් ලැබී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී පුළුල්  සන්ධානයක් ලෙස පැමිණෙන්නේ එම  තීරණය ගැනීමට  එක පයින්  සූදානම් බවත්  වයඹ පළාතේ හිටපු මහ ඇමැති  විදිහට  එම පළාතට විශාල වැඩ කොටසක් තමා ඉටු කර ඇති බවත් පවසූ ඔහු, තමාට  වයඹ මහ ඇමැති ධූරය  සම්බන්ධයෙන් පැහැදිලි වුවමනාවක් ඇති බව  දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කලා.

මීට පෙරද ඒ මහතා, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ 2013 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට සමුදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ වයඹ පලාත් සභා මැතිවරණයට තරඟ වැද එතෙක් මෙතෙක් පලාත් සභා මැතිවරණ ඉතිහාසය තුල අපේක්ෂකයෙක් ලද වැඩිම මනාප සංඛ්‍යාව සටහන් කරමින් මනාප ඡන්ද 336,327ක් ලබා ගනිමින්  වයඹ මහ ඇමති ධූරයට පත් වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button