GOSSIP NEWSVIRAL NEWS

“එජාපය කුමන තීරණය ගත්තත් මාගේ සහය ජනපතිට” දයා ගමගේ අමුතු පොටකට!

තමන් නියෝජනය කරනා එක්සත් ජාතික පක්ෂය කුමන තීරණයක් ගත්තද, අද වන විට රට මුහුණ දී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ආදි ආනන්දීයයෙකු ලෙස තමන් ජනාධිපතිවරයාට සහය දක්වන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දයා ගමගේ පවසනවා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති උත්සවයකදි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

රට ගොඩනැගීම සඳහා සියළුම ආනන්දීයයන්ට එකතුවන ලෙස ජනපතිවරයා ඇරයුම් කළ බවත් තමන්ද ආනන්දීයයෙකු වශයෙන් ජනාධිපතිවරයා කළ ඇරයුම පිළිගන්නා බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

පක්ෂ අතර දේශපාලන තීන්දු තීරණ කුමක් වුවත් රට වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දක්වන බවද ඔහු සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button