BREAKING NEWSEXCLUSIVEPOLITICS
බැසිල්ගේ වොෂින්ටන් ගමනට දින නියම වෙයි. – රොයිටර් වාර්තාවකින් කරුණු එළියට..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවන්ට සමගාමීව මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ලෝක බැංකුවේ සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මූලාශ්‍ර දෙකක් විසින් අදාළ තොරතුර තහවුරු කර ඇති බවටයි
එළඹෙන මාසයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර වෙත යාමට නියමිත අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝකු බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.