
බංග්ලාදේශ ප්රිමියර් ලීග් තරගාවලියේ කොමිලා වෝරියර්ස් සහ රාංග්පූර් රේන්ජර්ස් අතර තරගය මේ වනවිට පැවැත්වෙමින් තිබේ.
එහිදී ප්රථමයෙන් පන්දුවට පහර දුන් කොමිලා වෝරියර්ස් කණ්ඩායම සිය පන්දුවාර විස්සට කඩුලු හතක් දැවී ලකුණු 173ක් රැස් කළා.
එහිදී සටන්කාමී ඉනිමක් ක්රීඩා කළ දසුන් ශානක පන්දු 31කදී ලකුණු 75ක් රැස් කළා. ඔහුගේ ප්රවේගකාරී ඉනිමට හයේ පහර නවයක් සහ හතරේ පහර තුනක් අන්තර්ගත වූවා.
දසුන් ශානක පිටියට පිවිසෙද්දී කැමිලා වෝරියර්ස් කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ ලබා සිටියේ කඩුලු හයක් දැවී ලකුණු 108ක් පමණයි. දසුන් ශානක සිය ප්රවේගකාරී ඉනිමෙන් අවසන් පන්දුවාර තුනේදි ලකුණු 65ක් රැස් කිරීම විශේෂත්වයකි.