CRICKETSPORTS

යොවුන් දසුන් ශානක ශ්‍රී ලංකාව සුපිරි ජයකට කැඳවාගෙන යයි

ආධුනික ක්‍රීඩකයන්ගෙන් යුතු කණ්ඩායමක් සමග ලොව අංක එකේ පන්දුවාර 20 කණ්ඩායම වන පාකිස්තානය පරාජය කිරීමට දසුන් ශානක ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) සමත්වුණා.

ඒ,ලාහෝර්, ගඩාෆි කී‍්‍රඩාංගනයේ පැවැති පළමු පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ලකුණු 64 කින් ජය ගනිමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 05 ක් දැවී ලකුණු 165 ක් රැස් කළා.

කලක පටන් කණ්ඩායමේ අවස්තාවක් ලබා නොදුන් ධනුෂ්ක ගුණතිලක ශ‍්‍රී ලංකා පිළට වේගවත් ආරම්භයක් ලබාදුන් අතර ඔහු අවිශ්ක ප්‍රනාන්දු සමග එක්ව පළමු කඩුල්ලට ගොඩනැගූ ලකුණු සබඳතාව 84 ක්. එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 57 ක් සහ අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 33 ක් රැස්කළා.

ප්‍රථම වරට ශ්‍රී ලංකා වරම් දිනා ගත් භානුක රාජපක්ෂ ලකුණු 32ක් ලබා ගත්තා.

මෙම තරගයේදී පාකිස්තානු යොවුන් වේගපන්දු යවන්නෙකු වන මොහොමඞ් හස්නයින් ශ‍්‍රී ලංකාවට එරෙහිව කඩුළු ති‍්‍රත්වයක් වාර්තා කළ අතර ඔහුට එය සැමරීමට අමතකවීම කැපී පෙනුණා.

ලකුණු 166 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායමේ මුල් කඩුළු 03 ලකුණු 22 ක් තුළ බිඳදැමීමට ශ‍්‍රී ලංකා පන්දුයවන්නන් සමත්වුණා.

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ පන්දුයැවීම හමුවේ පාකිස්තානු කණ්ඩායමට පන්දුවාර 17 යි, පන්දු 4 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 101කි.
ඉසුරු උදාන සහ නුවන් ප‍්‍රදීප් මෙහිදී කඩුළු 03 බැගින් දවාගැනීමට සමත්වුණා.

යොවුන් දසුන් ශානක විසින් මෙහෙය වූ ජයග‍්‍රහණය වාර්තාවූයේ ශ‍්‍රී ලංකාව, පාකිස්තාන කණ්ඩායමට එරෙහිව වැඩිම ලකුණු පරතරයකින් ජයගත් පන්දුවාර 20 යි 20 තරගය ලෙසයි.

තරගාවලියේ දෙවන පන්දුවාර 20 තරගය ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගනයේදී හෙට (07) පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button