BREAKING NEWSCRICKETEXCLUSIVESPORTS

ධනුශ්ක ගුණතිලක ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු මඟට

මාතර ප්‍රදේශයේ පැවති සාදයකදී බීමතින් තරුණියෙකුට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වන ශ්‍රීලංකා ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුශ්ක ගුණතිලකගෙන් ක්‍රිකට් ආයතනය පිළිබඳව ප්‍රකාශයක්සටහන් කරගත් අතර, ඔහු ප්‍රකාශයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප  කලද බල කිරීමෙන් පසුව අත්සන් කළ බවද වාර්තාවිය.

පසුව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම විමර්ශනය අවසන් කලේ එම සිද්ධියට අදාල සීසී ටීවී දර්ශන අතුරුදහන්වී ඇති බැවින් හා සම්බන්ධයෙන් පරීක්ෂනයක් කිරීමට තරම් පැමිනිල්ලක් හෝ සාක්ෂි ක්‍රිකට් ආයතනය වෙත ලැබී නොමැති බව පවසමිනි.

නමුත් දිගින් දිගටම විනය විරෝධී හැසිරීම් වලට චෝදනා ලැබීම සම්බන්ධයෙන් ධනුශ්ක ගුණතිලකව “මානසික උපදේශනය” සදහා යොමු කිරීමට කටයුතු කිරීමටද ක්‍රිකට් ආයතයන විසින් පියවර ගැනිනු ලැබූ අතර,

එම සිදුවීම තම මිතුරකු මුහුණ දුන් සිද්ධියක් බව පවසමින් එයින් තමන්ගේ කීර්තිනාමයට කැලලක් සිදුවූ බව පවසමින් ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු මගට පිවිසීමට දනුෂ්ක ගුණතිලක තීරණය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button