BREAKING NEWSEXCLUSIVE

කරන්දෙණියේදි අධ්‍යාපන ඇමති සංවේදි වේ – උසස් දේශපාලන සංස්කෘතියක් අරඹමින් ජනතාවගෙන් සමාව අයදියි

රට තුල සිදුවන ඉතා කුඩා අතපසුවීමටත් සමාව අයදීම දියුණු රටවල සිදුවන, උසස් දේශපාලන සංස්කෘතියක ලක්ෂණයකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල එවැනි දේ සිදු නොවන අතර, අතිශය බරපතල වැරදි වලදීද මෙරට සාම්ප්‍රදායික දේශපාලකයන් සිදු කරනුයේ වගකීමෙන් නිදහස් විය.

එවන් පසුබිමක අතිශය විරල සිදුවීමක් පසුගියදා සිදුවිය.

ඒ දරුවන් අවුවේ නොතැබිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් තමන් අතින් කඩ වූ බව කියමින් අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සමාව අයදීමය. අධ්‍යාපන ඇමතිවරයාගේ සහභාගීත්වයෙන් කරන්දෙණියේ දී පැවති උත්සව සභාවකදී මෙය සිදුවිය.

අධ්‍යාපන ඇමතිවරයා මේ බව සඳහන් කළේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති විවෘත කිරීමේ උත්සවයේදී, තමන් පැමිණෙන තුරු එහි සිසු සිසුවියන් අව්වේ සිටින අයුරු දැකීමෙනි.

ඇමැතිවරයා විසින් එම සිසුන් සෙවනකට යැවීමටද කටයුතු කරන ලදී.

මේ දිනවල රට පුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් පාසැල් සිසු සිසුවියන් පෙරවරු 11.00 සිට පස්වරු 03.00 දක්වා කාලය තුල අව්වට නිරාවරණය නො කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button