BREAKING NEWSEXCLUSIVE

ශ්‍රී ලංකාවේ දෛනික සංචාරකයින් පැමිණීම ඉහල යයි

පෙබරවාරි 12 වනදා මෙරට වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වී ඇත. ඒ අනුව මෙරට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වනුයේ 4,677කි. ගිය වසරේ වැඩිම සංචාරකයින් පැමිණීම පසුගිය දෙසැම්බර් 25 වනදා වාර්තා වුණා. එදින පැමිණි සංචාරකයන් ගණන 4,829 ක් වේ.මෙම මාසයේ මුල් දින 12 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 39,621 ක් වනවා. දෛනික පැමිණීම් පිළිබද සළකා බැලීමේදි මෙම කාලය තුළ දෛනිකව සංචාරකයන් 3,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා තහවුරු කර තිබෙනවා.
සංචාරකයන් වැඩි වශයෙන් මේ දිනවල මෙරටට පැමිණෙන්නේ යුරෝපා රටවලින්. ප්‍රංශය සහ රුසියාව වැනි රටවල ගුවන් සමාගම් මෙරට සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිම ඊට එක් හේතුවක්. යුරෝපා රටවල් ආශ්‍රිතව සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා රජය ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ද ඊට හේතු වි තිබෙනවා.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button