කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් අඛණ්ඩව

කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
සෙසු සියලුම දිස්ත්‍රික්වල හෙට (30) උදෑසන 6ට ඇඳිරි නීතිය ලිහිල් කෛරන අතර පස්වරු 2ට යළි පනවනු ලබනවා.
අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුවෙන් යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එම ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙසට ද රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කලුතර දිස්ත්‍රික්කයේ අටලුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදෙකලා ප්‍රදේශ ලෙසට නම්කර තිබෙනවා.
කිසිවෙකුට හෝ මෙම ගම්මාන දෙකට ඇතුලුවීම හෝ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියාසිටියේ.