COVID19 - UPDATES

කොවිඩ් තත්වය තව තවත් දරුණු වෙයි!

නව කොරොනා වෛරසය හේතුවෙන් අයි.ඩී.එච් රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේවන විට රෝගීන් ඇතුළුත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබයි.

එමෙන්ම එහි දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව සඳහන් අතර එම රෝහලේ සිටින ආසාදිතයන්ගෙන්ගෙන් සියයට 20ට පමණ ඔක්සිජන් ලබා දී තිබේ.ඒ සමඟ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළගොස් ඇති බව වාර්තා වේ.

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවද එම රෝහලේ ආරංචි මාර්ග මගින් තහවුරු කළේය.

තවද හුදකලා කරන ලද කුරුණෑගල, තිත්තවැල්ගාල ප්‍රදේශයේ සිදුකරන ලද PCR පරික්ෂණ 700ක් අතුරින් 500 ක ප්‍රතිඵල ලැබී තිබෙනවා.

ඒ අනුව ඉන් 100 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වී ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ.

ඒ අතර තුර යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන් මහතා පවසනවා.

මෙම මස 12 වන දා සිට 20 වන දා දක්වා පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතුවල නිරත වූ නිලධාරීන් 09 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා.

හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණයට යොමු කර ඇති අතර ඔවුන්ගේ වාර්තා අනුව තවත් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන්ගේ අනෙකුත් ආශ්‍රිත නිලධාරීන් නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button