BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

මේ දක්වා කොරෝනා එන්නත් මාත්‍රා එක්කෝටි එක්ලක්ෂ 72,800 ක් දිවයිනට

මේ දක්වා මෙරටට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා එක්කෝටි එක්ලක්ෂ 72,800 ක් ලැබී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඔහු කියා සිටියේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා හැට අට ලක්ෂ 8,700 ක් මිලදී ගෙන ඇති බවයි.

ප්‍රදානයන් ලෙස මේ දක්වා මෙරටට ලැබී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය තිස් තුන් ලක්ෂ 64,100 ක්. මෙරටට ලැබී ඇති වැඩිම එන්නත් වර්ගය සයිනොෆාම් වන අතර, එම ප්‍රමාණය එක්කෝටි 71 ලක්ෂයක් බව සඳහන්.

මොඩර්නා එන්නත් පහළොස් ලක්ෂ එකසියයක්, කොවිෂීල්ඩ් එන්නත් දොළොස් ලක්ෂ 64,000ක්, ස්පුට්නික් එන්නතත් එක්ලක්ෂ අසූ දහසක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ 28,700 ක් මෙරටට ලැබී තිබෙනවා.

මේ දක්වා මෙරට පුද්ගලයන් පනස් හත්ලක්ෂ 68,494 දෙනෙකුට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර, දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව දහතුන් ලක්ෂ 13,071 ක්.

ඉන් වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නත වන අතර, එහි පළමු මාත්‍රාව 46 ලක්ෂ 35,090 කට ලබාදී තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ ශරීරය තුළ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවීම ඉතා ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් තහවුරු වුණා.

ඩෙල්ටා ප්‍රභේදයටද සයිනොෆාම් එන්නත වඩා ආරක්ෂාකාරී බව මෙම පර්යේෂණයෙන් තහවුරු වී ඇති අතර, සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් සිදුකළ ලොව පළමු රසායනාගාර පර්යේෂණය මෙය වීම විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button