BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

සැප්තැම්බර් මාසයට පෙර ජනගහනයෙන් වැඩි පිරිසකට කොරෝනා එන්නත

සැප්තැම්බර් මාසයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයකට කොරෝනා එන්නත ලබාදීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද ඉදිරිපත් කළා.

ඒ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදියි.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අනිද්දා දිනයේදී තවත් සයිනොෆාම් එන්නත් මිලියන දෙකක් මෙරටට ලැබීමට නියමිත බවයි.

එසේම තවත් මිලියන දෙකක සයිනොෆාම් එන්නත් තොගයක් මේ මස 28 වනදා ලැබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මොඩර්නා එන්නත් මිලියනයක් රැගත් ගුවන් යානාවක් ලබන 15 වනදා පැමිණෙන බවත් සඳහන් කළා.

එසේම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.47 ක ප්‍රමාණය ලබන 19 වනදා මෙරටට ලැබෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button