BREAKING NEWSEXCLUSIVEPOLITICS

කොවිඩ් සමාජගත වෙලා නෑ කියලා ඉදිරිපත් කල යෝජනා ප්‍රතික්ෂේප කලා – පා.ම මහාචාර්ය තිස්ස විතාරණ

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදෙන බොහෝ අදහස් යෝජනා ප්‍රතික්ෂේප වන බවත්, තීන්දු තීරණ ගැනීමේදී වෛරස සම්බන්ධයෙන්, වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් දැනුම සහ අත්දැකීම් සහිත විශේෂඥයන්ගේ සහාය ලබා නොගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා.

කොවිඩ් වසංගත තත්වය මෙතරම් ව්‍යාප්තවීමට එයද හේතුවක් බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති කමිටුවක් වෙත තමන් යෝජනා කිහිපයක් ලබාදුන් නමුත් පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය එම යෝජනා ප්‍රතික්ෂේප කළ බව ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය  තිස්ස විතාරණ මහතා පෙන්වා ප්‍රකාශ කර සිටියා.

පළමුවෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි පක්ෂ නායක කමිටුවක් හා ඊට සමගාමීව ප්‍රාදේශීය හා ග්‍රාමීය කමිටු පිහිටුවන්නැයි තමා යෝජනා කළ බවත්, ඒ හරහා ඒ ඒ ප්‍රදේශවල පවතින වසංගත තත්තවය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගෙන ගතයුතු පියවර තීරණය කළ හැකි බවත් මහාචාර්යවරයා සඳහන් කරනවා. කොවිඩ් සමාජගත වී නොමැති බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යවරිය එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button