BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොවිඩ් සුව වූ දරුවන්ට තවත් මාරාන්තික රෝගයක්..

Covid-19 හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පෙන්වා දෙනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වී සති 2 – 6ක් පමණ කාලයක් ගතවන විට එම Multi System Inflammatory Syndrome නැමති නව රෝගී තත්ත්වය දරුවන් තුළ හට ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කර සිටිනවා.

එම රෝගී තත්ත්වයට දරුවන් නොදැනුවත්ව ම ගොඳුරු වී සිටිම එහි ඇති බරපතළ තත්ත්වය වන බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය.

මේ වන විට එම රෝගී තත්ත්වයට පත්වු වයස අවුරුදු 8 ත් 15ත් අතර වු දරුවන් 6 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහු ප්‍රකාශ කලා.

උණ, දැඩි ඇඟේ වේදනාව, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම, ඇඟේ දද වැනි ස්වභාවයක් හට ගැනීම එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන බවත් එහි භයානක තත්ත්වය වන්නේ හෘද වස්තුවට බලපෑම් කර රුධිර පීඩනය අඩුවීමෙන් දරුවා මියයෑම බව ද වෛද්‍යවරයා පැවසුවා.

මෙය ඉතා භයානක තත්ත්වයක්. ඇමරිකාව, එංගලන්තය වැනි රටවලිනුත් මෙය වාර්තා වෙලා තියෙනවා. එම රටවල දරුවන් මේ රෝගී තත්ත්වය නිසා මිය ගොස් තිබෙනවා. ලංකාවෙත් දැන් එය  තිබෙනවා. දැනට හමුවෙලා තිබෙන රෝගී දරුවන් 06 දෙනා කොළඹ අවට ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙන්නේ. වැලිමඩ ප්‍රදේශයෙනුත් එවැනි රෝගී දරුවෙක් හමුවුණා. එම දරුවා බදුල්ල රෝහලට යොමුකර ප්‍රතිකාර ලබා සුවය ලබා තිබෙනවා. අපි විශ්වාස කරනවා මෙම තත්ත්වය රට පුරා ව්‍යාප්ත වෙලා ඇති කියලා.“

මෙය අලුත් රෝගී තත්ත්වයක් වන බවත් මෙය 2020 අප්‍රේල මාසයේ දී එංගලන්තයේ දී හඳුනාගත් බව ද පැවසු වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා, ඉහත දැක්වු රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා බවත් වැඩිදුරටත් සඳහන් කලා

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button