BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

නාවික හමුදාවෙන් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුළ ඇඳන් 162කින් සමන්විත කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ (04) දින වැඩ අවසන් කර ප්‍රතිකාර කටයුතු සඳහා සූදානම් කර ඇත.

වාට්ටු 12කින් සමන්විත මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් 150ක පහසුකම් ලබාදීමේ හැකියාව පවතින අතර එහි ඇඳන් 12කින් සමන්විත විශේෂ ප්‍රථිකාර ඒකකයක්ද (High Dependency Unit- HDU) ස්ථාපනය කර ඇත.

එමෙන්ම නාවික හමුදා වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලයක් ද ඊට අනුයුක්ත කර ඇත.

ජාතික අවශ්‍යතාවය මත, ආධුනික නාවිකයන් පුහුණු කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුර තුළ භාවිතා කරන ලද සිව් මහල් (04) ගොඩනැගිල්ලක් නාවික හමුදාව විසින් මෙලෙස කොව්ඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් පරිවර්ථනය කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button