BREAKING NEWSEXCLUSIVE

ලාෆ්/ ලිට්‍රෝ සමාගම් වලට අභියාචනාධිකරණයෙන් නියෝග

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් අනුමත කළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපොළට නිකුත් කරන ලෙස ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

ගෑස් පිපිරිම් හේතුවෙන් හානි පැමිණි පුද්ගලයන්ට වන්දි ලබාදීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිවිල් සමාජ ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොණු කර ඇති රිට් පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

ගෑස් සමාගම් මෙහිදී දන්වා සිටියේ දැනට සියයට 20 ක් ලෙස පවතින ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල ප්‍රොපේන් ප්‍රතිශතය සියයට 30 දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බවයි.

පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන ජනවාරි 26 වනදා සිදුකරිීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button