BREAKING NEWSEXCLUSIVEPOLITICS

සෞඛ්‍ය වර්ජකයන්ට එරෙහිව අධිකරණයෙන් වාරන නියෝගයක්..!

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් අද අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව එය සිදු කර තිබෙනවා. හෙද නිලධාරීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී ඉල්ලා ඇත්තේ වර්ජනය හේතුවෙන් රෝගීන් මුහුණ පා ඇති ගැටලුකාරී තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා වර්ජනයේ නිරත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව වාරණ නියෝග දෙකක් නිකුත් කරන ලෙසටයි.

නීතිපතිවරයාගේ ඉල්ලීම පිළිගත් කොළඹ දිසා අධිකරණය එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපතිවරයාට වාරණ නියෝග දෙකක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button