කොරෝනා ආසාධිත 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී ජීවිතයෙන් සමුගනී.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එරට මෙසීනා නගරයේ විසූ 70 හැවිරිදි ලාංකිකයෙකි.ඒ අනුව එම වෛරසයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වූ පත් වූ මුල්ම ලාංකිකයා ඔහු යැයිද එම ඉතාලි ආරංචි මාර්ග කියා සිටී.එමෙන්ම ඉතාලියේ ශ්‍රී ලංකිකයින් 8 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මීට පෙර දන්වා තිබුනා.
මෙම ලාංකිකයා මෙසීනා ප්‍රදේශයේ කලක පටන් ජීවත් වන අයෙකු වන අතර මෙම මරණය එම ප්‍රදේශයේ සිදු වූ දෙවැනි කොරෝනා මරණය යැයිද පැවසේ.කොරෝනා වෛරසය ආසාදනය වු මෙම ලාංකිකයා මෙසීනා නගරයේ පිහිටි ක්‍රිස්ටෝ රේ නැමැති සාත්තු නිවාසයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24) එම සාත්තු නිවාසයේ දී මරණයට පත් වී ඇත.වෛරසය හේතුවෙන් එම ලාංකිකයාට දැඩි ශ්වසන අපහසුතා පෙන්වීමත් සමග ඉතාලි වෛද්‍යවරුන් ඔහුව හදිසි ප්‍රතිකාර සදහා වෙනත් රෝහලකට මාරු කිරීමට නියමිත සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.