කොරෝනා වෛරසය පිළිබද සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රචාර පැතිරවූ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට..

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙක් අද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.මොවුන් කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාව තුල මරණ තුනක් සිදුව ඇති බවත් රෝගීන් 30ට වැඩි ගනනක් ඇති බවටත් සමාජ මාධ්‍ය තුලින් තහවුරු නොකළ අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බවයි සදහන් වන්නේ.32 හැවිරිදි දුශ්මන්ත අමිල නැමැති පුද්ගලයෙක් හා 35 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි නිමින්ද ප්‍රියදර්ශන යන පුද්ගලයින් දෙදෙනා පොදුජනතාව අතර අනිසි බියක් ඇති කිරීම සදහා කොරොනා වෛරසය පිළිබද අසත්‍ය ගොතන ලද තොරතුරු සමාජ ජාලා තුක හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (16) පැවති රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී සදහන් කළා.
මෙලෙස අසත්‍ය ප්‍රචාර පිළිනොගෙන පිළිගත් මාධ්‍ය වලින් සහ රජය මගින් ලබා දෙන තහවුරු කරන ලද තොරතුරු පමනක් පිළිගන්නා මෙන් හා සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතා කිරීමෙන් වලකින ලෙසත් එසේ කරණ අයට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවටත් විදුලි සන්දේශ හා නියාමන කොමිසන් සභාව මීට පෙර මහජනතාව වෙත දැනුම් දී තිබුනා.