ලොව පුරා කොරෝනා මරණ දස දහස ඉක්මවයි – ආසාදිතයින් 250,000ක්

ලොව පුරා රටවල කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්ම වූ අතර, ආසාදිතයින් සංඛ්‍යාව ද දෙලක්ෂ 50,000 ආසන්න වී තිබෙනවා.
ඒ අනුව ලොව රටවල් 160 මෙම වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 10,030 ක්.
මින් වැඩිම මරණ දැන් වාර්තා වන්නේ ඉතාලියෙන්.
එම සංඛ්‍යාව 3405ක්. එය මෙම වෛරසය ආසාදිතවීම හේතුවෙන් චීනයේ මිය ගිය ගණනට වඩා මරණ 273ක වැඩිවීමක්.
මේ වනවිට ඉතාලියේ වෛරස් අසාදිතයින් 41,035 ක් වාර්තා වන අතර ඉන් 4440 ක් සුවය ලබා තිබෙනවා.
චීනයේ වෛරසය ආසාදනය වූවන් 3132 මිය ගිය අතර, වාර්තා වන මුළු රෝගින් සංඛ්‍යාව 81,193 ක්. වෛරසයේ තිඹිරිගෙය වූ චීනයෙන් අද දිනයේ ද කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්.
මේ වන විට ලොව පුරා වෛරසය ආසාදිත වූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ 44,523 ක් වන අතර, අද දිනයේ පමණක් අලුතින් වෛරස් ආසාදිතයින් 856ක් හඳුනා ගෙන තිබෙනවා.
වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති තුන්වන රට වන ඉරානයේ මිය ගිය ගණන 1284 වන විට ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 18,407 ක් ලෙසයි.
එසේම, කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දියාව රට පුරා දිනක ඇඳිරි නීතිය පනවා ඇති බව ද වාර්තා වනවා.
එමෙන්ම, සති 12ක් ඇතුළත සිය රට තුළ කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළා.
ඇමරිකාවේ කැලිෆොනියා රජයේ බළධාරින් එරට ජනතාවට දැනුම් දී ඇත්තේ දින කිහිපයක් සිය නිවෙස් වල රැඳී සිටින ලෙසටයි.
කැලිෆෝනියා ප්‍රාන්තයේ මිලියන 40 ක් වාසය කරන අතර මාස 02 ක් තුළ ඉන් අඩකට පමණ වෛරසය ආසාදනය වනු ඇතැයි එරට බළධාරින් පවසනවා.
මේ අතර, කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා අනෙකුත් රටවලට සහය ලබාදීමට සූදානම් බව චීන ජනාධිපති ෂී – ජින්පින් ප්‍රකාශ කළා.